1..          අළුත් බබා වඩා ගනිද්දී, බාබාගේ වැඩ කටයුතු කරද්දී, අමුත්තන් ඇවිත් බබා අල්ලද්දී, සුරතල් කරද්දී ඇසට නොපෙනෙන විෂබීජ බබා ලඟට අරන් ඒම වලක්වන්න.

2.       බබා ලඟ යද්දී, බබා අල්ලද්දී දෑත් හොඳින් සෝදන්න.

3.      අපිරිසිඳු දුවිලි සහිත පරිසරය හා ගැටුණු ඇඳුම් හැඳ දරුවා තුරුළු කර ගැනීම, වඩා ගැනීම නොකරන්න.

4.       සුරක්ෂිත, ප්‍රතිචාරාත්මක ආදරණිය වැඩිහිටි සබඳතා හා උත්තේජන සපයන්න.

5.       උපන්දා පටන් සිඝ්‍රයෙන් සංවර්ධනය වන ළමා මනසට ආදරය, කරුණාව, අවධානය හා ආරක්ෂාව දීමෙන් තමා සුරක්ෂිතය යන පණිවිඩය සන්නිවේදනය කරන්න.

6.       පංච ඉන්ද්‍රියන් හරහා උත්තේජන ලබා දීමෙන් සිඟිති මනස කුළු ගන්වන්න. වඩා ගන්න

ඉටි වා‍‍ගේ ඇලෙන

        අළුත උපන් දරුවන්ගේ සම්මත ඉටි වලින් ඇලෙන සුළු සුදු පැහැ ද්‍රව්‍යයක් පවතී. උල්බ තරලය තුල ගිලී සිටීම නිසා සම මත මිදෙන මෙය ගැබ්මල (Vernix Casiosa) ලෙසින් හැඳින්වේ. මේවා ජලයෙන් සේදී නොයන අතර තෙල් වර්ගයන්හි දිය වීමෙන් ඉවත් වේ. බිළිඳා සෝචා හෝ පිසදමා මදක් ගැබ්මල ඉවත් කලද සම්පුර්ණව සම මතින් මේවා ඉවත් කිරිම සිදු නොකරයි. නව බිළිදුන්හට නව පරිසරයේ උණුසුම සමායෝජනය කර ගැනීමටද, විෂබීජ වලින් ආරක්ෂා වීමටද ගැබ්මල වැදගත් මෙහෙයක් ඉටු කරයි. දින කිහිපයකින් මෙම ගැබ් මල ඉබේම ඉවත්ව යයි.

අළුත් බබා

තුරුල් කර ගන්න, බබාට කතා කරන්න, නැලවිලි ගී ගායනා කරන්න.